මැණික් පොකුරේ තක්සේරුව ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

මැණික් පොකුරේ තක්සේරුව ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

අමෙරිකානු ඩොලර් මිලියන 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුර පසුව අමෙරිකානු ඩොලර් 10,000කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබඳව කෝප් කමිටුවේ දී දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.

2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේ මේ බව සඳහන් වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය වසර 10 ක කාලය තුළ වාර්තා වී ඇති සියලු අක්‍රමිකතා ඇතුළු කටයුතු පිලිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස එහිදී දැනුම් දී කෝප් කමිටු සාමාජිකයින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රුපියල් මිලියන 16 කට ආසන්න ඇප මුදලක් අහිමි වීම සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවා තිබෙනවා.

මැණික් ගැරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී ඉහළ විනිවිභාවයකින් යුතු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

Share This