මානසික සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වූ Miss USA

මානසික සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වූ Miss USA

අමෙරිකා එක්සත් ජනපදයේ රූ රැජිණ කිරුළ (Miss USA) නොයෙලියා වොයිග්ට් මානසික සෞඛ්‍ය හේතූන් මත තම කිරුළ අතහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති වාර්ෂික තරගය ජයග්‍රහණය කළ වොයිග්ට් මානසික සෞඛ්‍යයට වඩාත් සුදුසු තීරණ සුදුසු අවස්ථාවේදී ගැනීම තමා විශ්වාස කරන බවයි සඳහන් කරන්නේ.

තම මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්න, කටහඬ භාවිතා කිරීමෙන් ඔබ සහ අන් අය වෙනුවෙන් පෙනී සිටින්න, වර්තමානයේ අවිනිශ්චිත බවක් දැනුණත් අනාගතය ගැන කිසි විටෙකත් බිය නොවන්න, යනුවෙන් ඇයගේ තීරණය දැනුම් දෙමින් නොයෙලියා වොයිග්ට් ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබා තිබෙනවා.

Miss USA සංවිධානය පවසන්නේ ඇයගේ තීරණයට සහය දක්වන බවත් එම කිරුළ සඳහා අනුප්‍රාප්තිකයෙකු ප්‍රකාශයට පත් කරන බවත්ය.

Savannah Gankiewicz පසුගිය වසරේ පවතී තරගයේදී දෙවන ස්ථානයට පත් වූ බව සඳහන්.

ඒ අනුව වත්මන් අමෙරිකා එක්සත් ජනපදයේ රූ රැජිණ වන නොයෙලියා වොයිග්ට් ඉලා අස්වීමත් සමග එම කිරුළ දෙවන ස්ථානය දිනාගත් Savannah Gankiewicz හට ලබා දීමේ හැකියාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This