බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ කත අත්අඩංගුවට

බෞද්ධ සාහිත්‍ය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ කත අත්අඩංගුවට

ආගම් පිළිබඳ ප්‍රකෝපකාරී ප්‍රකාශයන් සිදු කළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇය රටින් පිටවීමට උත්සාහ කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රකට පාසලක පැවති ප්‍රහසන සංදර්ශනයකදී බුදු දහම, ක්‍රිස්තියානි ආගම ඇතුළු ආගම්වලට අපහාස කළ බව කියන කාන්තාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සෙනසුරාදා පැමිණිල්ලක් ලැබී තිබුණා.

නතාෂා එදිරිසූරිය නම් එම කාන්තාව සිදු කළ ප්‍රකාශයන් ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමග රට පුරා ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර අනතුරුව එම කාන්තාව සහ එම වීඩියෝව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට ද කටයුතු කළා.

සමාව අයැද සිටියද, බොහෝ පාර්ශවයන් ඇයගේ ප්‍රකාශයන් අතරතුර භාවිතා කරන ලද අපහාසාත්මක භාෂාව දැඩි ලෙස විවේචනය කර තිබුණා.

Share This