පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොලී රහිත ණය ලබන සතියේ සිට

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොලී රහිත ණය ලබන සතියේ සිට

පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය විශ්වාසය පල කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඒ යටතේ රුපියල් ලක්ෂ නවයක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමිවනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

Share This