දිවයිනට ආ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ

දිවයිනට ආ ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (09 ) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තා වනවා.

ඊට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියද ජයග්‍රහණය කිරීමට මෙම කණ්ඩායම සමත් වී තිබුණා.

ඒ අනුව මාස දෙකක ක්‍රිකට් තරග සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එම ජයග්‍රහණයන් පිළිබඳව පවසමින් කියා සිටියේ අපට මෙම ජයග්‍රහණයන් සඳහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන් බවයි.

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා.

Share This