තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි

මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා

මේ හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත තරුණ තරුණියන්ට වගේම පාසල් දරුවන්ටත් තම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවස්ථාවක් උදාවන බවයි ඔහු පැවසුවේ

Share This