තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා

මේ වන විට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් බව සඳහන්

තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම සිදු කළ යුතු අතර නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට තේ වගාකරුවන් පියවර නොගන්නා නිසා තේ දළු අස්වැන්න ක්‍රමානුකූලව අඩු වීමක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ

මේ හේතුවෙන් තේ සඳහා යොදනු ලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳපළේ පවතින මිල ගණන්වලට වඩා සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

තේ සඳහා වන පොහොර සහනාධාරය යටතේ U- 709 සහ U- 834 කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 7735කටත්, T 56 තේ පොහොර මිටියක් රුපියල් 8325ක හා T 750 හා T 250 පොහොර මිටියක් රුපියල් 5550ක සහන මිලකටත් ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ

Share This