ජාතික ජන බලවේගය වෙනුවෙන්  සන්ධානයත් පෙරට එයි

ජාතික ජන බලවේගය වෙනුවෙන් සන්ධානයත් පෙරට එයි

ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බව සඳහන් කරමින් නිදහස් ජනතා සන්ධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය සුරැකීම සඳහා නිදහස් ජනතා සන්ධානය ඉදිරියටත් කොන්දේසි විරහිතව පෙනීසිටින බවයි.

Share This