ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම්

ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ සෙවනගල කිරිඉබ්බන් වැවේ ස්ථාපිත මෙම ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් පසුගිය වසරේ ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව එම ඉදිකිරීම් ලබන ජූලි මස අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Share This