ජනපති රනිල් සමග එකතු වී 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කරනවා – ඇමති ප්‍රසන්න

ජනපති රනිල් සමග එකතු වී 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කරනවා – ඇමති ප්‍රසන්න

69 ලක්ෂය බලාපොරොත්තු වූ ඉලක්කයට රට ගෙන යාමට තවදුරටත් ඇප කැපවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ අනුව එම ජනවරම ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ජනතා ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත යුතු මෙන්ම ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂයට හැකියාව ඇත්තේ විවේචනය කිරීමට පමණක් බවත්, ඔවුන්ට රට ගොඩ ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් ප්‍රකාශ කර සිටියා.

Share This