ජනපති නැවත දිවයිනට

ජනපති නැවත දිවයිනට

සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) රාත්‍රියේ නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා පිටත්වගොස් තිබුණේ පසුගිය අඟහරුවාදා දිනයේදියි.

මුලින්ම සිංගප්පුරුවටද පසුව ජපානයටද පිටත්ව ගිය ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

ජපානයේ ව්‍යාපාරිකයින් සමගද පැවති හමු කිහිපයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබුණා.

එරට තාක්ෂණය මෙරට සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වූ බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

Share This