ජනපතිට සහය දක්වන්න සූදානමින් ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු?

ජනපතිට සහය දක්වන්න සූදානමින් ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු?

එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහුට සහය දැක්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු රැසක් මේ අතර සිටින බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් එක් වීමට නියමිතව සිටියද ඔවුන් ඊට එක්වූයේ නැහැ.

ඊට හේතුව බවට වාර්තා වූයේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ස්ථීරවම මේ වන තෙක් නම් නොකර සිටීම බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ස්ථීරවම ප්‍රකාශයට පත් වීමෙන් පසු ඔහුට සහය දැක්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This