චීනයෙන් ගිලිහෙමින් පවතින සංචාරක කර්මාන්තය

චීනයෙන් ගිලිහෙමින් පවතින සංචාරක කර්මාන්තය

චීනයේ දේශීය සංචාරක ව්‍යාපාරය ඉහළ ගියත් විදේශිකයන් ඈත් වෙමින් පවතින බව නව විශ්ලේෂණයකින් හෙළිවී තිබෙනවා.

චීන ආර්ථිකය දැවැන්ත අභියෝගවලට මුහුණ දීමත් සමග අනාගතයේ දී එහි සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය ගැන අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව කම්කරු දිනය නිමිත්තෙන් පසුගිය සතියේ දින පහක රජයේ නිවාඩුව සඳහා චීනය තුළ සංචාර මිලියන 295ක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දේශීය සංචාර 2019 වසරේ වාර්තාවලට වඩා 28% වැඩි ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දුම්රිය ගමන් මිලියන 92ක්, ගුවන් ගමන් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් සහ අධිවේගී මාර්ග ගමන් බිලියන 1.25ක් පමණ සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත්, දේශීය සංචාරයන් සිදුවන්නේ ජාත්‍යන්තර සංචාරකයින්ගේ පැමිණීම් දිගින් දිගටම ප්‍රමාද වන හේතුවෙන් බවද වාර්තා වී තිබෙනවා.

විදේශිකයන් දැනට චීනයට පැමිණෙන්නේ 2019 වසරේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් යන්තම් 30% ක ප්‍රමාණයක්.

ඒ අනුව විදේශීය ආකර්ෂණය ගිලිහී යාම සැළකිය යුතු කරුණක් බවයි එරට විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

Share This