ගුරුවරයාට පහරදුන් සිසුන්ට ඇප

ගුරුවරයාට පහරදුන් සිසුන්ට ඇප

පුත්තලම ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා හා විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි තවත් සිසුන් පිරිසක් ඇප මත මුදාහැර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර පසුගිය 25 වනදා අත්අඩංගුවට ගත් සිසුන් 17 දෙනෙකු ද අද (26) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අනතුරුව එක් සිසුවෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරු දිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති අතර කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශ්වයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධානාගාරගත කරන බවට ද අධිකරණය විසින් දැනුම් දී ඇති බව සඳහන්.

Share This