කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය 2024 මාර්තු මාසයේදී වාර්තා වී තිබුණේ 0.9% ක් ලෙසින්.

2024 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.9% දක්වා අඩු වී ඇති අතර 2024 මාර්තු මාසයේ දී එය 3.8 % ක් ලෙස වාර්තා වී තිබුණා.

එමෙන්ම, 2024 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.9% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මාර්තු මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වූ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This