කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ නික්මයාම

කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ නික්මයාම

මෙරට සිටි කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා ඊයේ (27) දින අභාවප්‍රාප්ත වී තිබුණා.

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට මිය ගිය ඒ මහතා 85වන වියෙහි පසු වුණා.

ජයන්ත ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

1998 – 2003 අතර කාලසීමාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස ද එතුමන් කටයුතු කර තිබුණේ තම මව් රටට කීර්තියක් ද එක්කරමින්.

ජයන්ත ධනපාල මහතාගේ දියණිය මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඇය මෙරටට පැමිණෙන තෙක් දේහය මහනුවර මහා රෝහලේ තැන්පත් කර තිබෙන බවයි වාර්තාවන්නේ.

දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිතයි.

Share This