කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකාව ජය ගනී(PHOTOS)

කැන්ගරුවන් පරදා ශ්‍රී ලංකාව ජය ගනී(PHOTOS)

තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (11) සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තා.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.ඒ එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී.

පන්දු 25කින් ලකුණු 54ක් ලබාගත් දසුන් ශානක තරගයේ ජයග්‍රහණය සඳහා විශාලතම දායකත්වය ලබා දුන්නා.

තරගයේ ලකුණු පුවරුව සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

 

Share This