කාලගුණය ගැන අලුත්ම නිවේදනය

කාලගුණය ගැන අලුත්ම නිවේදනය

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය අද දිනයේ (09) පීඩන අවපාතයක් දක්වාත්, පසුව හෙට දිනයේ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා පවතින අතර එය පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින්…..

Share This