කළු ජාතික ගුවන් හමුදා නිලධාරියෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට – වැරදි ලිපිනයක් නිසා සිදුවූ අපරාධයක් අතිශය

කළු ජාතික ගුවන් හමුදා නිලධාරියෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට – වැරදි ලිපිනයක් නිසා සිදුවූ අපරාධයක් අතිශය

අමෙරිකාවේ කළු ජාතික ගුවන් නිලධාරියෙකුගේ මහල් නිවාසයකට කඩා වැදුණු ෆ්ලොරිඩා පොලිස් නිලධාරියෙකු එම ගුවන් භටයාව වෙඩි තබා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වැරදි ලිපිනයක් නිසා එම වෙඩි තැබීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ අනෙකුත් අප්‍රිකානු – අමෙරිකානු පවුල් නියෝජනය කළ සිවිල් අයිතිවාසිකම් නීතිඥ බෙන් ක්‍රම්ප්, රොජර් ෆෝට්සන්ගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

ඔකලෝසා ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයේ නිලධාරී එරික් ඇඩන් පැවසුවේ වෙඩි තැබීම සිදු වූ විට ඒ සිදුවීමට ලැබුණු වාර්තාවලට ආරක්ෂක නිලධාරියා ප්‍රතිචාර දැක්වූ බවයි.

වෙඩි තැබීම සිදුවන විට 23 හැවිරිදි ෆෝට්සන් ඔහුගේ පෙම්වතිය සමග FaceTimeහි ඇමතුමක සිටි බව නීතිඥ ක්‍රම්ප් පෙන්වාදුන්නා.

නිවසට පැමිණි පුද්ගලයා හය වතාවක් මෙම තරුණයාට වෙඩි තැබූ බව පෙම්වතිය පවසා තිබෙනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව සහ රජයේ නීතිපති කාර්යාලය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සඳහන්.

ෆ්ලොයිඩ්ගේ මරණය වාර්ගික සබඳතා පිළිබඳ ආවේගය නැවත පණ ගන්වා ඇති අතර පොලිස් ක්‍රියාවලට එරෙහිව විවේචන එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This