කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේ පරික්ෂාවන් දැඩි කෙරේ

කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේ පරික්ෂාවන් දැඩි කෙරේ

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ පරීක්ෂා කිරීම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා නීති විරෝධි ලෙස මෙරටට භාණ්ඩ රැගෙන ඒමෙන් පසු මෙලෙස එම පර්යන්තයේ පරික්ෂා කිරීම් දැඩි කිරීමට පියවර ගත් බවයි.

මීට පෙර ද නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ ප්‍රභූ පර්යන්තයෙන් සොයා ගැණුනු අතර විශාල වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් හමු වූ පළමු අවස්ථාව මෙය වනවා

එමෙන්ම ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සඳහන්

Share This