ඊශ්‍රායලය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි?

ඊශ්‍රායලය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි?

සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊජිප්තු මැදිහත්කරුවන් විසින් සකස් කරන ලද සටන් විරාම ගිවිසුමක් පිළිගන්නා බව හමාස් සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, එය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔවුන්ගේ මූලික ඉල්ලීම් සපුරාලීමට ඇති නොහැකියාව දැනුම් දෙමින්.

සටන් විරාමය සම්බන්ධයෙන් හමාස් සංවිධානය එකඟ වී ඇත්තේ කුමන කරුණුවලටද යන්න නිශ්චිතවම පැහැදිලි නැහැ.

නමුත් එමගින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ අවතැන් වූ පලස්තීනුවන් ආපසු පැමිණීම ඇතුළත් වනු ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් යුද මෙහෙයුම් දිගටම කරගෙන යාමට ඡන්දය ඇති අතර කයිරෝවේ වක්‍ර සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක් යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This