ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට පහර දෙයි

ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට පහර දෙයි

සටන් විරාම සාකච්ඡා කිසිදු ගනුදෙනුවකින් තොරව අවසන් වීමත් සමඟ ඊශ්‍රායලය නැගෙනහිර රෆා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා රෆාහි ප්‍රදේශවලට බෝම්බ හෙලූ බවයි පලස්තීන වැසියන් ප්‍රකාශ කර ඇත්තේ

ගාසා තීරයේ පවතින සටන් නැවැත්වීම සඳහා කයිරෝවේ පැවති වක්‍ර සාකච්ඡා වටය අවසන් වී ඇති අතර ඊශ්‍රායලය සැලසුම් කළ පරිදි රෆා සහ ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවල සිය මෙහෙයුම් කටයුතු කරගෙන යන බවයි ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරියෙකු සඳහන් කළේ

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයකින් නැගෙනහිර බ්‍රසීල ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර රෆා හි නිවාස දෙකකට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සටන්කාමීන් රෆාහි සැඟවී සිටින බවයි

Share This