ඊශ්‍රායලයේ රෆා ප්‍රහාර නතර කරන ලෙස පලස්තීන නායකයා අමෙරිකාවෙන් ඉල්ලයි

ඊශ්‍රායලයේ රෆා ප්‍රහාර නතර කරන ලෙස පලස්තීන නායකයා අමෙරිකාවෙන් ඉල්ලයි

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසන්නේ මිලියනයකට අධික ජනතාවක් රැකවරණය ලබන දකුණු ගාසා නගරය වන රෆා වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම නැවැත්විය හැකි එකම රට එක්සත් ජනපදය බවයි.

සාමාන්‍ය වැසියන්ට හානියක් නොවන ආකාරයෙන් තබා ගැනීමේ විශ්වසනීය සැලැස්මක් නොදැක, රෆාහි මහා පරිමාණ ඊශ්‍රායල හමුදා මෙහෙයුමකට සහාය දිය නොහැකි බව එක්සත් ජනපදය නැවත නැවතත් පවසා තිබෙනවා.

ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් රෆා හි සිටින අතර ජනාකීර්ණ දකුණු නගරයේ තත්ත්වය දැනටමත් දරුණු වී තිබෙනවා.

එහි අවතැන් වූවන් සඳහා ආහාර, ජලය සහ ඖෂධ හිඟයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනේ.

Share This