ඉදිරියේදී වැසිකිළියට යද්දී දුරකථනය ඕන වෙන්නේ නැහැ

ඉදිරියේදී වැසිකිළියට යද්දී දුරකථනය ඕන වෙන්නේ නැහැ

පසුගිය වසර දහය තුළ මිනිසුන් වැඩි කාලයක් ගත කරන්නේ දුරකථනයේ, රූපවාහිනියේ හෝ පරිගණක තිරයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක සෑම තැනකම ඇති අතර, සෑම කෙනෙකුම ඔවුන් අතෙහි ඇති දුරකථන තිරය දෙස බලාගෙන සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

බොහෝ අය දුරකථන තිරය දෙස බලාගෙන සිටියත් තාක්‍ෂණ ලෝලීන්දිනෙන් දින මෙම අත්දැකීම වඩා හොඳ අත්දැකීමක් කිරීමට උත්සහ කරමින් සිටින බව නොරහසක්.

මේ නිසාම මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවක් වෙත සියලුදෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ කෙනෙකු වැසිකිලියේ සිටින අවස්ථාවේදී බෙල්ල පාත් කරගෙන දුරකථනය දෙස බලා සිටින්නේ නැතුව නිදහසේ දොරෙහි රඳවා ඇති ” Virtual Screen” එකක් මගින් තමන්ට කැමති ඕනෑම දෙයක් නැරඹීමට හැකි ලෙස තාක්ෂණය දියුණු වී තිබීමයි.

ඒ වීඩියෝව පහතින්,

 

Share This