ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට සහ අනිද්දා

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට සහ අනිද්දා

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින ප්‍රථම වරට රැස් වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

මෙම කාරක සභා 8හි සභාපතිවරුන් පළමු රැස්වීම්වලදී පත්කිරීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙන අතර කාරක සභා 4ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශවයෙනුත් අනෙක් කාරක සභා 4 සභාපතිවරුන් විරුද්ධ පාර්ශවයෙනුත් පත්කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17ක නම්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

Share This