අලුත් ගමනක් යාමට  තිබූ අවස්ථාව ‘නවත්වා දැමූ පාලනය’ ඊට වන්දි ගෙවිය යුතුයි – කේ.ඩී. ලාල්කාන්ත

අලුත් ගමනක් යාමට තිබූ අවස්ථාව ‘නවත්වා දැමූ පාලනය’ ඊට වන්දි ගෙවිය යුතුයි – කේ.ඩී. ලාල්කාන්ත

අවුරුදු 75ක් පැමිණි ගමන වෙනස් කර අලුත් ගමනක් යාමට පදනම දැමීමට තිබූ අවස්ථාව නැවැත්වූ පාලනයට, ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අනුරාධපුර උද්ඝෝෂණයට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජාතික අරගලයකට එන බව පාලකයන්ට දැනුම් දිය යුතු බවයි.

“රට පුරාම මේ විදිහට ගිහින් අපි කියන්න ඕනෑ පාලකයන්ට මේ පෙළගැස්ම හදාගෙන ජාතික අරගලයකට එන බව. එදාට නුඹලාට මේක දාලා යන්න වෙනවා. අපට ඡන්දය තියන්න වෙන්නේ ජනතාවගේ බලයක් යටතේ. ඡන්දය ලබා දීපල්ලා කියලා බලකරන්නත් ඕනෑ. අපේ මේ අයිතිය දෙන්නේ නැතිනම් ජනතාව පෙළගස්වන වැඩසටහනයි මේ කරගෙන යන්නේ. ” යනුවෙන් ද කේ.ඩී. ලාල්කාන්ත මහතා එහිදී පැවසුවා.

Share This