අභිනව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අද (VIDEO)

අභිනව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අද (VIDEO)

අභිනව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අභිනව ධුරයේ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම උත්සවය පැවැත්වෙන්නේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදීයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විජිනිපත පිළිගැන්වීමට නියමිතයි.

මෙම පූණ්‍යාත්සවය තෛනිකායික මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට දේශපාලනඥයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ තානාපතිවරුන් පිරිසක් සහභාගි වනවා.

Share This