අද ජවිපෙ කලබල වෙලා-යළිත් කම්කරුවා විකුණන්න ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ -මනුෂ නානායක්කාර-

අද ජවිපෙ කලබල වෙලා-යළිත් කම්කරුවා විකුණන්න ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ -මනුෂ නානායක්කාර-

නව කම්කරු ප්‍රතිපත්තිය සහ රැකී රක්ෂා පනත ගෙනඒමේදී ලබන වසරේ දී නැවත වරක් කම්කරුවා විකිණීමට ජනතා විමුක්ති පෙරමුණට ඉඩකඩ නොලැබෙන බැවින් අද වන විට ඔවුන් කලබලයට පත්ව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කම්කරුවෝ හැමදාමත් ජනතා විමුක්ති පෙරමුණේ බිස්නස් එක බවට පත්වූ බවයි.

කම්කරුවා බිස්නස් එක කරගෙන, රටට සංවර්ධන ව්‍යාපෘති එනකොට ඒ ව්‍යාපෘති හැම එකම කඩාකප්පල් කරන්න පිටරටවලින් – කර්මාන්තශාලාවලින් අල්ලස් ගත් බවත් ඒ අල්ලස් ගත්ත සල්ලිවලින් ‘එක මිටට’ කියාගෙන හන්දි හන්දි ගාණේ රට වටේම සෙනග එකතු කළ බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී කියා සිටියා.

Share This