සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කරන්න ගත් තීරණය

සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කරන්න ගත් තීරණය

සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් පොත් බෑගයේ බර වැඩි වීම හේතුවෙන් සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.

එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළපොත් ඛාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍යය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස්කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පති සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ද එම නිවේදනයේ ඇතුලත්.

Share This