ශ්‍රී ලංකාවට පැමිණි ICC හි පළමු කාන්තා සභාපතිනිය

ශ්‍රී ලංකාවට පැමිණි ICC හි පළමු කාන්තා සභාපතිනිය

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) ප්‍රථම කාන්තා සභාපතිනි Maria Fernanda Garza නිල සංචාරයක් සඳහා ඊයේ(18) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වයක් ඇති රටවල් 170 ක් නියෝජනය කරන ICC, ගෝලීය වශයෙන් විශාලතම සහ වඩාත්ම බලගතු ව්‍යාපාරික සංවිධානය වනවා.

ඇගේ සංචාරය අතරතුර, ඇය ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලධාරීන් හමුවීමට නියමිතයි.

රටවල් 170ක් නියෝජනය කරන ICC පසුගිය වසර 68ක කාලය තුළ මෙරට ව්‍යාපාර වර්ධනයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය නියෝජනය කරන එකම සංවිධානය වන්නේ ICC බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This