ශ්‍රී ලංකන් ගුවන් යානයක හදිසි ගොඩබැස්වීමක්

ශ්‍රී ලංකන් ගුවන් යානයක හදිසි ගොඩබැස්වීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

UL 605 නමැති ගුවන් යානය මෙලෙස ගොඩබස්වා ඇති අතර එය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව ගොඩබැස්වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අදාළ යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.

අදාළ යානය කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ බව සඳහන්.

ගොඩබැස්වීමෙන් අනතුරුව එම ගුවන් යානයේ සිටි සියලු මගීන් ආරක්ෂිතව ඉන් ඉවත් කර ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම යානයේ හටගෙන ඇති කාර්මික දෝෂය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This