පළමුව ජාතික ආරක්ෂාව, දෙවනුව මතට තිත – දේශබන්දු කියයි

පළමුව ජාතික ආරක්ෂාව, දෙවනුව මතට තිත – දේශබන්දු කියයි

සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

එසේම මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කිරීම සිය දෙවන ප්‍රමුඛතාව බවයි ඔහු කියා සිටියේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස නව ධුරය ලැබීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා ඔහු අද(29) එක් වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි දේශබන්දු මහතා මෙම අදහස් පළ කළේ.

පොලිසියට සම්බන්ධ වී වසර 25ක පමණ අත්දැකීම් තමාට පවතින බැවින් රටේ ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙන යාම සිය අපේක්ෂාව බව ද ඔහු සඳහන් කළා.

එසේම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ නතර කිරීම මෙන්ම කප්පම් ලබා ගැනීම් නවතා දැමීමට ද තමා කටයුතු කරන බවයි.

Share This