එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා රෝහල් ගත වෙයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා රෝහල් ගත වෙයි

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඔහුගේ රාජකාරි වෙනුවෙන් නියෝජ්‍ය ආරක්ෂක ලේකම්ව පත් කර ඇති බව පෙන්ටගනය පවසනවා .

70 හැවිරිදි Lloyd Austin ප්‍රතිකාර සඳහා වර්ජිනියාවේ වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පෙන්ටගනය පවසන්නේ ඒ පිළිබඳව ධවල මන්දිරය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.

මීට පෙරද ඔහුගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා රෝග විනිශ්චය සහ දෙසැම්බර් සහ ජනවාරි මාසවල රෝහල් ගතව සිටීම හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විමර්ශනයට ලක්ව තිබෙනවා

Lloyd Austin මේ සිදුවීම පසුගිය සතියේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවද සඳහන්

රජයේ නායකයින්ට දැනුම් නොදීම සම්බන්ධයෙන් ඔහු මේ මස අගදී කොංග්‍රසය හමුවේ සාක්ෂි දීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Lloyd Austin ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනපද හමුදාවේ අණ දෙන දාමයේ ජනාධිපතිවරයාට වඩා මඳක් පහළින් සිටින අතර කැබිනට් මණ්ඩලයේ වැදගත්ම සාමාජිකයෙකු ලෙසයි සැලකෙන්නේ .

Share This