සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීම ගැන රජයේ අවධානය (VIDEO)

සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීම ගැන රජයේ අවධානය (VIDEO)

සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජය දැඩි උත්සාහයක් ගෙන ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

පසුගියදා විදේශ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ආර්ථික ප්‍රකෘතිය, නීති ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

එමෙන්ම දේශීය ආයතන සහ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම ඇතුළුව, පසුගිය වසර තුළ විවිධ පෙරමුණු හරහා අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ත්‍රස්තවාදයට එරෙහිව සවිස්තරාත්මක නීති කෙටුම්පත් කිරීමේ දී අත්කරගෙන ඇති ප්‍රගතිය සහ අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථය යටතේ එන ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් සම්බන්ධ කරුණුවල කැපී පෙනෙන ප්‍රගතිය සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇති බව සඳහන්.

 

Share This