වෝකි ටෝකි යන්ත්‍ර පිපිරී ලෙබනනයේ මියගිය ගණන තවත් ඉහළට

වෝකි ටෝකි යන්ත්‍ර පිපිරී ලෙබනනයේ මියගිය ගණන තවත් ඉහළට

ලෙබනනයේ පේජර් සහ වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දින දෙකක කාලයක් තුළ මෙම පිපිරීම් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් තවත් 3000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (18) දිනයේ පමණක් වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති අතර 500 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණා.

Beirut සහ එහි දකුණු තදාසන්න ප්‍රදේශ වන Hermel, Baalbek, Saida, Nabatieh, Tyre, Naqoura සහ Marjayoun ඇතුළු නගරවල මෙලෙස උපාංග පුපුරා යාමකට ලක්ව තිබූ බව සඳහන්.

Share This