විදුලි සේවක විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

විදුලි සේවක විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලි සේවක සංගමය මගින් හෙට (24) සංවිධානය කර ඇති විරෝධතාවයකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව පොල්දූව වටරවුම ආශ්‍රීතව මහ ජනතාවට හා පදිකයින්ට අවහිර හා බාධා වන ලෙස කිසිඳු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට එමගින් නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This