ලබන 07 වැනිදා සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න පුළුවන්

ලබන 07 වැනිදා සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ගන්න පුළුවන්

ලබන 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) ලබන 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතර ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරෙමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Share This