මෙම වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම?

මෙම වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම?

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර ආදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

Share This