මිදිගම ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් පොලිස් දැලේ

මිදිගම ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් පොලිස් දැලේ

මිදිගම ගොවියාපාන ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් එයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම දිගරැද්ද හා හාතපැලෑන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මිදිගම පොලිස් ස්ථානයට භාර දී ඇති බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 හා 30 වයස්වල පසුවන කෝට්ටේ හා අඟුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙහිදී එක් සැකකරුවෙකු වෙදික්කරුවන්ට රැඳී සිටීමට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන්ද අනෙක් සැකකරු වෙඩික්කරුවන් ත්‍රිරෝද රථයෙන් රැගෙන යාම සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිදිගම පොලිසිය විසින් සිදුකරන බව සඳහන්.

Share This