බීබීසී ගිය ආලියා භාට්

බීබීසී ගිය ආලියා භාට්

ලෝක ප්‍රසිද්ධ බීබීසී පුවත් සේවයේ බොලිවුඩ් නිලි ආලියා භාට්ගේ (Alia Bhatt) ලිපියක් පළ කිරිම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ලිපියෙහි සදහන් වී ඇත්තේ වයස අවුරුදු 30 දී ඇය බොලිවුඩයේ මෙගා ස්ටාර් වී ඇති බවයි.

අවුරුදු 30දී මෙතරම් ජනප්‍රියත්වයකට පත්වීම ඉතා සුවිශේෂී සිදුවීමක් ලෙසයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් හින්දි චිත්‍රපට නරඹන කෙනෙක් නොවේ නම් ආලියා භාට් (Alia Bhatt) ගැන නොදන්නා අයත් මෑතකදී ඇයව හදුනාගන්නට ඇති.

ඒ පසුගිය වසරේ ආලියා භාට් (Alia Bhatt) හොලිවුඩයට පිවිසීමත් සමගයි.

ඒත් සමගම ඇය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ තාරකාවක් විමට වරම් ලැබූ බවයි බීබීසීය සඳහන් කරන්නේ.

මේ වනවිට ඇමසන් ප්‍රයිම් වීඩියෝ (Amazon Prime Video) සමග තවත් රංගන කටයුත්තක් ආරම්භ කිරීමත් සමග ඇය හොලිවුඩයේ පුවත් මවන බොලිවුඩ් තාරකාව බවට පත් වී තිබෙනවා.

කෙසේවෙතත් බීබීසී පුවත් සේවය ආලියා භාට් (Alia Bhatt) ගැන ලිපියක් පළ කිරීමට තරම් ඇය සුදුසු කෙනෙක් නොවන බවට ඇතැමුන් විවේචන එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This