පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි පහර

පුද්ගලයෙකුට මරු කැඳවූ වෙඩි පහර

කොහුවල සරණංකර පාර ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ පුද්ගලයෙකු සිදුකළ වෙඩිතැබීමකින් 43 හැවිරිදි එම වෙළඳසැලේ හිමිකරු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ඝාතනය සඳහා පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ඇති අතර දෙදෙනාම ජැකට් සහ මුහුණ ආවරණය වන පැළදුම් පැළඳ පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 43 ක් වන නැදිමාල පාර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර සැකකරුවන් සොයා කොහුවල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This