ප්‍රවීණ රංගන ශිල්පිනි උදුලා දාබරේ දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනි උදුලා දාබරේ දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 87 හැවිරිදි වියේ පසු වුණා .

කැළෑ හඳ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි උදුලා දාබරේ මහත්මිය, වරද කාගේද, දුප්පතාගේ දුක, නළඟන, සීගිරි කාශ්‍යප, සූරයන්ගේත් සූරයා වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබුණා.

ඇය රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වූයේ “රන්දිය දහර” චිත්‍රපටයයි.

උදුලා දාබරේ මහත්මියගේ දේහය මත්තෙගොඩ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

Share This