ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 77වන වියේ පසු වුණා.

ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ අතර අද(17) උදෑසන මහනුවර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි පැවසෙන්නේ.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළා.

රංගන ක්ෂේත්‍රයට පැමිණීමට පෙර ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කර තිබුණා.

Share This