දුම්රිය සාමාන්‍යාධිකාරී අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුවයි ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.

මිය යන විට එතුමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

Share This