දැරියක් දුම්රියෙන් එළියට විසිවෙයි

දැරියක් දුම්රියෙන් එළියට විසිවෙයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොළොස් හැවිරිදි දැරියක් එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදි දුම්රියෙන් වැටී ඇති බව වාර්තා වනවා.

බරපතළ තුවාල ලබා දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටතට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවයි පරීක්ෂණ පවත්වන බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කරන්නේ.

Share This