ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

ජනපති අපේක්ෂකගේ සාදයට වැඩ වරදී

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවකට සහභාගී වූ ආරාධිතයන් සදහා සුදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් පිරිසක්, පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් වෙනුවෙන් ලබාදීමට එහි තිබූ පිසු ආහාර සඳහා මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

ආරාධිතයන් සදහා ලබාදිමට තිබූ මත්පැන් බෝතල්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ විද්වත් හමුවට ආරාධිතයින් 150 දෙනෙකු පමණ පැමිණ සිට ඇති බව සඳහන්.

Share This