ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං

ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං

ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය නිසා ගුවන් ගමන් අඩාල වීම හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හි අතරමං වී තිබෙනවා.

ඉරානය ඊශ්‍රායල භූමියට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ලද තොරතුරක් මත මගීන් අතර සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සමඟ යානය ඩුබායි වෙත හරවා යවා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

එහිදී කලාපය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් පවතින බවත්, එම කලාපයට හෝ ඒ හරහා ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ගුවන් ගමන් කාලසටහන්වල සිදුවිය හැකි වෙනස්කම් සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා.

Share This