අලෙවි කිරීමට සැලසුම්කර තිබූ මහ සයුරේ පාවෙන රත්‍රං

අලෙවි කිරීමට සැලසුම්කර තිබූ මහ සයුරේ පාවෙන රත්‍රං

අම්බර් හෙවත් තල්මස් වමනය ග්‍රෑම් 220 ක් රුපියල් ලක්ෂ දාහතක පමණ මිලකට අලෙවි කිරීම සඳහා උත්සාහගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් දිවුලපිටිය නගරයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ප්‍රධානව සුවඳ විලවුන් ක්ෂේත්‍රයට උපයෝගී වන මෙම අපද්‍රව්‍ය ලබාගැනීම සඳහා මිනිසුන් විසින් තල්මසුන්ට ඇති කරන ජීවිත තර්ජනය හේතුවෙන් අම්බර් අලෙවි කිරීමට ගන්නා උත්සහයන්වලදී වන සත්ව හා වෘක්ෂලතා අඥා පනතට අදාළව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 හා 27 යන වයස්වල පසුවන වාද්දූව සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

Share This