අකුණු සැර වැදී අයෙකු මරුට

අකුණු සැර වැදී අයෙකු මරුට

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කුඹුරු යායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අකුණු සැර වැදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ කොටියාගල, කැකැලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share This