කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය

කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා

ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතා පත් කිරීමට අනුමැතිය ලබා දීමටයි තීරණය කර ඇත්තේ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබෙනවා

Share This